පුහුණුවීම් ඇරඹුවත් ශ්‍රී ලංකා සංචිතයට තවම ඇමතිගේ අනුමැතිය නෑ?


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 6ක පමණ කාලයකි. මෙම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 31 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරන ලදුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒ සඳහා තෝරාගෙන ඇති ක්‍රීඩකයන් මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පුහුණුවීම් වල නිරතව සිටියි.



Recommended Articles